brand logo

කොවිඩ් එන්නත් ලබාදුන් පිරිස 186,000කට ආසන්නයි

14 February 2021

    මේරට දී 186,000 කට ආසන්න පිරිසකට කොවිඩ් එන්නත් ලබා දී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ එම එන්නත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ත්‍රිවිධ හාමුදා හා පොලිස් නිලධාරීන්ට ලබා දුන් බවයි. මේ අනුව මෙරට පුද්ගලයින් 186,654කට එන්නත් කරණය කර තිබෙනවා. අද (14) දිනයේත් දිවයිනේ රෝහල් රැසක එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. මේ අතර ඊයේ (13) කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 796 ක් හඳුනාගත් අතර මේ සමග මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 74,852 දක්වා ඉහළ ගියේ ය. දැනට කොවිඩ් ආසදිතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 6,637ක්. එසේම ඊයේ දිනයේ රෝගීන් 847 දෙනෙකු සුවය ලබා තිබුණා. මේ අනුව සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 67,831 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරනවා. කොවිඩ් ආසාදිතව මියගිය 06දෙනෙකු සම්බන්ධයෙන් ඊයේ (13) වාර්තා වී ඇති අතර මේ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 390 ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
 

More News..