brand logo

කොවිඩ් එන්නත් ආනයනයේ දී දැඩි ලෙස විමසිලිමත් වන්න

21 May 2021

කොවිඩ්-19 සඳහා වන එන්නත් ආනයනය කිරීමේදී අනිවාර්යයෙන්ම ගෝලීය නිෂ්පාදක සමාගම් විසින් අනුමත කරන ලද ලියාපදිංචි හා වෙළෙඳපොලේ බලයලත් බෙදාහරින්නන් වෙතින් එම එන්නත් ලබා ගත යුතු බව ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය සඳහන් කරයි. රෝගියාගේ ආරක්ෂාව සහතික කිරීමේදී එම එන්නත් ගෙන්වන සමාගමේ නිරවද්‍යතාවය ඉතා වැදගත් වන බව ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය අවධාරණය කරයි. එන්නත් මිලදී ගැනීමේදී එය රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් සිදු වන බවත් ඒ සඳහා අඛණ්ඩව පහසුකම් හා සහයෝගය ලබා දෙන බව ඔවුන් සඳහන් කරයි. සිය සංසදය සියලූම ප‍්‍රධාන පෙළේ එන්නත් නිෂ්පාදක සමාගම්වල සාමාජිකත්වය දරන බවත් මවු සමාගම සමඟ අඛණ්ඩව සමීපව කටයුතු කරන බවත් ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය අවධාරණය කරයි. කොවිඩ්-19 වසංගතය මැඩලීම සඳහා එන්නත් ලබා ගැනීමේදී ඒ සඳහා රජය දරන ප‍්‍රයත්නයන්ට ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය ප‍්‍රසාදය පල කරයි
 

More News..