brand logo

කොවිඩ් ආසාදිත රැඳවියන් 100 ඉක්මවයි

09 November 2020

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බන්ධනාගාර රැඳවියන්ගේ සංඛ්‍යාව සියය ඉක්මවා ගොස් තිබේ. මේ වන විට බන්ධනාගාර රැඳවියන් 107 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ආසාදිත වූ රැඳවියන් අතර වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 90 දෙනෙකු සහ පිරිමි රැඳවියන් 10 දෙනෙකු සිටින අතර පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් වෛරසය ආසාදිත පිරිමි රැඳවියන් 7 දෙනෙකු හඳුනාගෙන තිබේ.
 

More News..