brand logo

කොවිඩ් ආසාදිත බිළිඳුන් 150ක්

03 February 2021

    කොවිඩ් ආසාදිත බිළිඳුන් 150 දෙනෙකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා වාර්තා වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ ජී .විජේසූරිය මහතා සඳහන් කර ඇත. එසේම එම බිළිඳුන්ගේ දෙමාපියන් සිය දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබූ බව රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කරනවා. මේ ආකාරයෙන් කොවිඩ් ආසාදිත වූ මස 18ක් වයසැති බිළිඳෙකු ඉකුත් දා රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මියගොස් තිබුණා. රෝහල් අධ්‍යක්ෂවරයා බිළිඳුන් සිටින දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ දරුවකු ආසාදිත වහාම ප්‍රමාද නොකර රෝගය උත්සන්න වීමට ප්‍රථමයෙන් රෝහල් ගතකරන ලෙසයි.
 

More News..