brand logo

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් 800 ඉක්මවයි

19 November 2020

ඊයේ (18) මෙරටදී හඳුනාගත් කොවිඩ්-19 වෛරස ආසාදිතයන් අතරට පොලිස් නිලධාරීන් 08 දෙනෙකුද අයත් වන අතර ඉන් 06 දෙනෙකුම පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයින් වේ. ඒ අනුව ආසාදිතයන් ලෙස හදුනාගත් පොලිස් නිලධාරීන් සංඛ්‍යාව මේ වන විට 833 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් 203 ක් පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයින් වේ. පේරාදෙණිය පොලිස් ස්ථානයේ තවත් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරුවීමත් සමග එම පොලිස් ස්ථානයෙන් මේ දක්වා හඳුනාගත් ආසාදිතයින් ගණන 5 දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..