brand logo

කොවිඩ් ආසාදිත නිදහස් වෙළඳ කලාප සේවකයින්ට වෙළඳ කලාප තුළම ප්‍රතිකාර

25 May 2021

කොරෝනා වෛරසය ආසාදනය වන නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන් සඳහා එම වෙළඳ කලාප තුළ ම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමට ආයෝජන මණ්ඩලය පියවර ගෙන ඇත. ඒ අනුව පළමු අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය කටුනායක වෙළෙඳ කලාපය ආශ්‍රිතව පිහිටුවා ඇති අතර එය අද (25) භාරදීම සිදුවිය. ඊට ඇදන් 300ක් භාරදීම අද සිදු කෙරිණි. එය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පැවසුවේ කොවිඩ් ආසාදනයට ලක්වන ආයෝජන කලාප සේවක සේවිකාවන් බොහෝ පිරිසක් මේ වනවිට නිවෙස්වල රැඳී සිටින බවයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය වූ වන සමාජ සම්මේලනය මගින් සකස් කළ ඇඳන් එකසිය දහයක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනය මඟින් සකස් කළ ඇඳන් අනූවක් මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට ලබා දී ඇත . ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුනක් මේ වන විට ඉදිකර තිබේ ඒ සිදුව සහ කටුනායක යන ප්‍රදේශවලයි.
 

More News..