brand logo

කොවිඩ් ආසාදිත දේහය රෝහලට රැගෙන ගිය පිරිසත් ආසාදිතයි

30 December 2020

  පාදුක්ක ගලගෙදර, නැගෙනහිර වසමේ අරුක්වත්ත ප්‍රදේශයෙන් නව ආසාදිතයන් පිරිසක් සොයාගෙන තිබේ. ඒ අනුව එම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ගණන 26ක් දක්වා ඉහල යනවා. එම ප්‍රදේශයේ 24 හැවිරිදි පුද්ගලයෙකු මියයාමෙන් පසු දේහය සම්බන්ධයෙන් කළ PCR පරීක්ෂණයේ දී ඔහු ආසදිතව මියගොස් තිබෙන බව හඳුනා ගැනුණා. ඒ සමඟ පවුලේ සාමාජිකයන් සහ ඔහුගේ ආශ්‍රිතයන් 40ක් PCR පරික්ෂාවට ලක්කර ඇති අතර ඒ අනුව ඊයේ (29) ඉන් 10ක් ආසාදිත බව හඳුනා ගනු ලැබුවා. එසේම ආසාදිත බවට තහවුරු වු සියලුදෙනා නිවසේ දී මියගිය කොවිඩ් ආසාදිත දේහය රෝහලට රැගෙන යෑමට සහයෝගය ලබාදුන් පළමු පෙළ ආශ්‍රිතයින් බව පාදුක්ක සෞඛ්‍ය වෛදය නිලධාරී වෛද්‍ය දුමිත්‍ර කහංගම මහතා සඳහන් කරනවා. කෙසේ වෙතත් අද (30) උදෑසන ද තවත් 16 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබෙන බව වාර්තා වනවා.
 

More News..