brand logo

කොවිඩ් ආසාදිත දෙදෙනෙක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගිහින්

11 October 2020

කොරෝනා ආසාදිත පුද්ගලයින් දෙදෙනෙකු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැල් 80 ක පමණ සැරිසරා ඇති බවට හඳුනාගැනීමෙන් පසු ඊයේ (10) රාත්‍රීයේම ආර්ථික මධ්‍යස්ථානය විෂබිජහරණය කිරීමට කටයුතු කර ඇත. බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඇසුරු කළ බවට හඳුනාගෙන ඇති දිවුලපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු හා ඔහුගේ ලොරි රථයේ රියදුරාගේ PCR පරීක්ෂණ සෞඛ්‍ය අංශ විසින් සිදුකර තිබේ. පසුව PCR පරීක්ෂණ අනුව ඔවුන් දෙදෙනා කොවිඩ් -19 ආසාදිතයින් බව හඳුනාගෙන ඇත. එම කොවිඩ් රෝගීන් දෙදෙනාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ඇති දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ 100කට අධික පිරිසකගේ PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය නියැදි ලබාගැනීමට සෞඛ්‍ය අංශ මේ වනවිට කටයුතු කරමින් සිටිනවා.
 

More News..