brand logo
logo

කොවිඩ් ආසාදිත දරුවන් වැඩි වෙයි

04 May 2021

කොවිඩ් වයිරසය ආසාදනය වන දරුවන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බැවින් දරුවන් නිවෙස් තුළම රඳවා ගන්නැයි ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසූරිය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි. ළමා රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන දරුවන්ගෙන් සතියකට 10දෙනකු පමණ කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගන්නා බවද අධ්‍යක්ෂවරයා පැවැසීය. මෙසේ හඳුනා ගන්නා දරුවන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කෙරේ. එම ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ඉඩකඩ මදිවන්නේ නම් පමණක් ළමා රෝහල තුළ ප්‍රතිකාර ලබාදීම සඳහා දැඩිසත්කාර පහසුකම් සහිතව වෙනමම වාට්ටුවක් වෙන්කර තිබේ. විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම ඒකකය ප්‍රතිකාර ලබාදෙන බව අධ්‍යක්ෂවරයා පැවැසීය. කෙසේ නමුත් රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට රැගෙන එන දරුවන් අනවශ්‍ය ලෙස රෝහල තුළ රඳවා නොගෙන හැකි ඉක්මනින් ප්‍රතිකාර ලබාගෙන රෝහලින් පිටවීමට කටයුතු කරන්නැයිද වෛද්‍ය විජේසූරිය දෙමාපියන්ට දැනුම් දෙයි. ශ්‍රියානි විජේසිංහ
 

More News..