brand logo

කොවිඩ් ආසාදිත අම්මලා 43ක් දරුවන් බිහි කරලා

13 November 2020

මුල්ලේරියාව රෝහල තුළ දී දෙවැනි රැල්ලේ කොවිඩ් වයිරසය ආසාදනය වූ ගර්භනී කාන්තාවන් 43ක් දරුවන් ප්‍රසූත කර ඇති අතර ඉන් හතර දෙනකු සිසේරියන් සැත්කම් මගින් දරුවන් බිහි කර ඇතැයි ද රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය මුදිතා පෙරේරා සඳහන් කළාය. කොවිඩ් ආසාදිත කාන්තාවකට සිසේරියන් සැත්කම කිරීම ඉතාමත් අපහසු කාර්යයක් වුවත් මේ වන විට මව්වරුන් පස්දෙනකු සිසේරියන් සැත්කම් මගින් දරුවන් බිහි කර ඇති බවත් ඒ සියලුම දෙනා මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ඇය කීවාය. කොවිඩ් ආසාදිත කාන්තාවන් බිහි කරන දරුවන් රඳවා තැබීම සඳහා ‘නව ජන්ම ළදරු ඒකකයක්’ ස්ථාපිත කර ඇත. කොවිඩ් ආසාදිතයන් සඳහා රෝහල තුළ ස්ථාපිත කර තිබෙන ඇඳන් සංඛ්‍යාව 123ක් වන අතර ඊයේ (12 වැනිදා) වන විට ඇඳන් 120ක්ම පිරී අවසන් බව ද ඇය සඳහන් කළාය. අයි.ඩී.එච්. රෝහල තුළ හදිසි සැත්කම් කිරීමට අවශ්‍ය රෝගීන් පවා යොමු කරනුයේ මුල්ලේරියාව රෝහලට බවත් අවම රෝහල් කාර්ය මණ්ඩලයක් මගින් රෝගීන්ට උපරිම සේවයක් සලසන බවත් වෛද්‍යවරිය වැඩිදුරටත් කීවාය. ශ්‍රියානි විජේසිංහ
 

More News..