brand logo

කොවිඩ් ආසාදිතයින් 840කට සුවයි

03 February 2021

කොවිඩ් ආසාදනය වූ තවත් ආසාදිතයින් 840දෙනෙකු පූර්ණ සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. ඒ අනුව මෙරට තුළ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 59883 දක්වා ඉහළ ගොස් ඇත. මෙරටින් මේ දක්වා හදුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 65698කි. ඉන් ආසාදිතයින් 5485දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. කොවිඩ්-19 ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 330කි.
 

More News..