brand logo

කොවිඩ් ආසාදිතයින් 1754ක් සුවය ලබයි

04 August 2021

කොවිඩ්-19 වෛරසය ආසාදිත පුද්ගලයින් 1754දෙනෙකු අද (04) පූර්ණ සුවය ලබා රෝහල් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව මෙරට තුළ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 284,524ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරටින් මේ දක්වා හදුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 316194ක් වන අතර, ඉන් ආසාදිතයින් 27025දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ මියගිය සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 4645කි.
 

More News..