brand logo

කොවිඩ් ආසාදිතයින්ට නව නිරෝධායන උපදෙස් මාලාවක්

27 January 2021

කොවිඩ් 19 ආසාදිතයින් නිරෝධායනයෙන් මුදා හැරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. කොවිඩ් 19 ආසාදිතයින්ගේ ප්‍රතිදේහ වර්ධනය වී ඇත්නම් නිරෝධායනයෙන් මුදාහල හැකියි. රෝග ලක්ෂණ පෙන්නුම් කරන ආසාදිතයින් නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ප්‍රගතියක් ඇත්නම් පී.සී.ආර් පරීක්ෂණයේ සිට 10 වැනි දිනයේදී ඔවුන්ට නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටවිය හැකිය. එවැනි සුව වන ආසාදිතයින් තව දින 04 ක් නිවසේ රැඳී සිටිය යුතුයි. වැඩිහිටි නිවාස, හෝටල් හා බන්ධනාගාරගතව සිටින ආසාදිතයින්ට 10 වැනි දිනයෙන් පසු ගෙවෙන දින 04 ප්‍රතිකාර මධ්‍යස්ථානයේම රැඳී සිටීමට සිදු වේ.
 

More News..