brand logo

කොවිඩ් ආසාදිතයා ත්‍රීවීලයකින් ගම වටේ ගිහින්

27 November 2020

කොවිඩ් 19 වෛරසය අසාදනය වු තරුණයෙක් ත්‍රිරෝද රථයෙන් ස්ථාන කිහිපයක සැරිසරමින් සිටියදි බගවන්තලාව පොලිසියේ නිලධාරින් සහ බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ නිලධාරින් එක්ව අසාදිතයා හම්බන්තොට නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කිරිමට ඊයේ (26) දින කටයුතු කර ඇති බව වාර්තා වේ. 28 හැවිරිදි එක්දරු පියෙකු වන අසාදිතයා කොළඹ හෙට්ටිවිදිය ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට ඉකුත් 18 වෙනි දින දිපාවලි උත්සවයෙන් පසු බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වත්තේ මොරා කොටසේ තම නිවසට පැමිණ ඇත. අනතුරුව බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් අසාදිතයා ඇතුළු ඔහුගේ පවුලේ සමාජිකයන් ස්වයං නිරෝදනයට යොමු කර පසුගිය 24 වෙනිදා දින පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කර තිබේ. පරික්ෂණ වාර්තාව ඊයේ(26) දින ලද විගස බගවන්තලාව පොලිසියේ නිලධාරින් සහ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් ඔහුගේ නිවස වෙත යන අවස්තාවේ ඔහු තම ත්‍රිරෝද රථයේ රියදුරෙකුද නංවාගෙන නොර්වුඩ්, හැටන්, පුලියාවත්ත යන ප්‍රදේශයවල සංචාරය කරමින් සිටියදි දුරකථන ඇමතුමක් ලබා දි ඔහු යලිත් ගෙන්වාගෙන ඇති බව වාර්තා වේ. ත්‍රිරෝද රථයේ රියදුරු සහ ඔහුගේ පවුලේ සමාජිකයන්ද මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් ස්වයං නිරෝදනයට යොමු කර ඇත. අසාදිතයා සැරි සැරු ස්ථාන කිහිපයක ආශ්‍රිතයන් සොයා ගැනිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සහ පොලිසිය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
 

More News..