brand logo

කොවිඩ් ආසාදිතයා ගිය හොරණ කඩේ වහයි

07 October 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයෙකු ගැවසීම හේතුවෙන් හොරණ නගරයේ වෙළඳසැලක් අද (07) පෙරවරුවේ වසා දමා තිබේ. හොරණ නගර සභාවේ ප‍්‍රධාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කේ.ජී.එන්.කුමාර මහතා පැවසුවේ මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩෙක්ස් ආයතනයේ සේවය කරමින් සිටියදි කොවිඩ් වැළඳි මේ වන විට අයිඩිඑච් රෝහලේ ප‍්‍රතිකාර ලබන හොරණ කඳින්හේන ප‍්‍රදේශයේ පුද්ගලයා හොරණ නගරයේ වෙළඳසැලකට පැමිණ ඇති බවයි. එම පුද්ගලයා පසුගිය 26 වැනි දින හොරණ නගරයට පැමිණ ඇති අතර, එම වෙළෙදසලේ වැඩි වේලාවක් කාලය ගතකර තිබිම නිසා මෙම තීරණයට එළඹුණු බව පවසන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා පැවසීය. එමෙන්ම අදාළ වෙළඳසැලේ සේවකයින් 05 දෙනා නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර, හෙට (08) දිනයේ පීසීආර් පරීක්‍ෂණ සඳහා ඔවුන් යොමු කිරීමට නියමිතයි. එමෙන්ම යාබද වෙළඳසලේ සිටි සේවිකාවක් ද නිරන්තරයෙන් මෙම වෙළඳසලේ ගතකිරිම හේතුකොටගෙන එම වෙළඳසල ද තාවකාලිකව වසා දමා ඇති අතර එම සේවිකාව රත්නපුර නිවසේ ස්වයං නිරෝධායනයට ලක්කිරිමට කටයුතු යොදා ඇත.
 

More News..