brand logo

කොවිඩ් ආසාදනය වූ 1520ක් සුවය ලබයි

27 January 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 1520දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට තුළ සුවය ලැබූ සමස්ත‌ කොවිඩ් ආසාදිතයින් ගණන 52566කි. මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 59922ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. ඉන් 7068දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය පැවසීය. කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවී ඇති සමස්ත මරණ සංඛයාව 288කි.
 

More News..