brand logo

කොවිඩ් ආසාදනය වූ තවත් 740ක් සුවය ලබයි

08 February 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 740දෙනෙකු පූර්ණ සුවය ලබා අද (08) ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටව ගොස් තිබේ. වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ මේ වන විට කොවිඩ් ආසාදනය වූ ආසාදිතයින් 64,141දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි. මෙරටින් මේ දක්වා හදුනාගෙන ඇති සමස්ත කොවිඩ් -19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 69348කි. කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ මේ වන විට ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 4851ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 356කි.
 

More News..