brand logo

කොවිඩ් ආසාදනය වූ තවත් 184කට සුවයි

10 April 2021

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 184දෙනෙකු පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 91,456ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 94,564ක් වන අතර රෝගීන් 2513දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි. කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 595කි.
 

More News..