brand logo

කොවිඩ් ආසාදනය වූ තවත් සිව්දෙනෙකු මියයයි

07 November 2020

කොවිඩ්-19 වෛරසය ආසානයවීමෙන් තවත් සිව්දෙනෙකු මෙරට තුළ මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි. මියගිය ආසාදිතයින්ගේ තොරතුරු පහතින්.... 01. කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 42ක් වයසැති කාන්තාවකි. දීර්ඝ කාලීනව හෘද රෝගයකින් පෙලී ඇත. සිය නිවසේදී මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ හෘද රෝගය සමග කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමයි. 02. කොළඹ 10 මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 69ක් වයසැති කාන්තාවකි. දීර්ඝ කාලීනව රෝගාබාධ රාශියකින් පෙලී ඇති අතර, එම රෝග තත්ත්වය උත්සන්නවීමෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 වෛරසය ආසාදනයවීම සමග නියුමෝනියා තත්ත්වය උත්සන්න වීම වේ. 03. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 67ක් වයසැති පිරිමි පුද්ගලයෙකි. දීර්ඝ කාලීන රෝගාබාධයන්ගෙන් පෙලී ඇත. කෙටි දින ගණනක් උණ රෝගයෙන් පෙලී ඇති අතර, නිවසේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම සමග නියුමෝනියා තත්ත්වය උත්සන්න වීම වේ. 04 ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 88ක කාන්තාවකි. මිනුවන්ගොඩ ආසාදිතයෙකුගේ සමීප ආශ්‍රිතයෙකි. නිරෝධායනය අතරතුර ආසාදිතයෙකු ලෙස හදුනාගෙන ලග්ගල පල්ලේගම රෝහලට ඇතුළත් කර සිටියදී රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා අංගොඩ ජාතික උණ රෝහලට මාරු කර එවා ඇති අතර, එහිදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සමග ලේ විෂ වීමකි.
 

More News..