brand logo

කොවිඩ් අසාදිත 18ක් සුවයි

22 September 2020

  අද දින (22) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 18 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. මේ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 3118ක් දක්වා ඉහළ යනවා. ඊයේ (21) දිනයේ වාර්තා වූ නව රෝගීන් 12 දෙනාත් සමග මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 3299ක් බවට පත්වී ඇත. පැමිණි රෝගීන් ගෙන් අට දෙනෙකු මාලදිවයිනේ සිට පැමිණි අයයි. මේ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මීට අමතරව ඉන්දීය ජාතික නාවිකයින් දෙදෙනෙකු, එක්සත් රාජධානියේ සිට පැමිණි පුද්ගලයෙකු සහ සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයෙකු ද ඊයේ දිනයේ කොවිඩ්-19 රෝගීන් ලෙස හඳුනාගෙන ඇත. තව දුරටත් රෝගීන් 168 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.
 

More News..