brand logo

කොවිඩ් අස්සේ සාද පැවැත්වූ නිවැසියාට නඩු

04 November 2020

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරියෙකු සාදයකට සහභාගී වීම නිසා දියගම ප්‍රදේශයේ 165 දෙනෙකු නිරෝධායනයට යොමුකළ සිද්දිය සම්බන්ධයෙන් එම සාදය පැවැත්වූ ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පැවරීමට කටයුතුකර තිබේ. ඒ බව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (04) සඳහන් කරනු ලැබුවා. එ සම්බන්ධයෙන් වැඩි දුරටත් සඳහන් කලේ නව ගැසට් නිවේදනයට අනුව ' රෝග වැලැක්වීමේ හා නිරෝධායන පනත ප්‍රකාර මෙම උපන් දින සාදය පැවැත්වූ පුද්ගලයාට එරෙහිව නඩු පැවරූ බවයි. මෙසේ සාද පවත්වා තිබුනේ වසරක් වයසැති දරුවෙකු ගේ උපන් දිනය වෙනුවෙන් බවද පැවසේ.
 

More News..