brand logo

කොවැක්ස් ක්‍රමවේදයෙන් පළමු එන්නත් තොගය මැයි වලදී මෙරටට

02 March 2021

ලෝක සෞඛ්‍ය සංවිධානය කොවැක්ස් පහසුකම යටතේ ලබාදෙන පළමු එන්නත් තොගය ලබන මැයි මස 7 වැනිදා මෙරටට ලැබෙනු ඇති බව කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමැති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ‘අරුණ’ට පැවසුවාය. ඒ අනුව පළමු මාත්‍රාව වශයෙන් එන්නත් දෙලක්ෂ හැටහතර දහසක් ලබන මැයි මස මෙරටට ලැබෙනු ඇති බව ඇය ප්‍රකාශ කළාය. කොවැක්ස් පහසුකම යටතේ මෙරට ජනගහනයෙන් සියයට විස්සකට (20%) ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීමට නියමිතය. වරුණි පෙරමුණ
 

More News..