brand logo

කොලි ලකුණු 10,000 සීමාව පනියි

24 October 2018

අඩුම ඉනිම සංඛ්‍යාවකදී එක්දින ලකුණු 10,000 සීමාව පසුකල පළමු ක්‍රීඩකයා බවට පත්වීමට ඉන්දිය කණ්ඩායමේ නායක විරාත් කෝලි සමත්ව  විය. ඒ මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර විශාකාපට්නම්හිදි අද (25) පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරඟයේ දීය. මීට පෙර මෙම වාර්තාවට ඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් හිමිකම් කියූ අතර ඔහු ඉනිම 259 කදී එක්දින ලකුණු දසදහසේ සීමාව පසුකර ගොස් තිබේ. අද දිනයේ රැස්කල ලකුණු සංඛ්‍යාවත් සමඟ එක්දින ලකුණු දසදහසේ සීමාව ඉක්මවා යාමට කෝලි සමත්වු අතර ඔහු ඉනිම 205 කදී මෙම ලකුණු සංඛ්‍යාව රැස් කරගෙන ඇත. සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන ඉන්දීය කණ්ඩායම මීට ටික වේලාවකට පෙර පන්දුවාර 44 ක් අවසානයේ කඩුලු 05 ක් බිඳ වැටී ලකුණු 254 ක් ලබා සිටියි.
 

More News..