brand logo

කොලිගේ කඩුල්ල දවාගන්නට අවූ. 07ක් වන ආර්චි ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමට

24 December 2018

ඉන්දීය කණ්ඩායම ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර මෙල්බර්න් පිටියේ පැවැත්වීමට නියමිත බොක්සිං දින (දෙසැම්බර් 26) ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම නායකයන් දෙදෙනෙක් වෙත පැවැරී තිබෙනවා. ඒ නිත්‍ය නායක ටිම් පයිනේට හා හත් හැවැරිදි ආර්චි ස්චිලර්ටය. ආර්චි දරුණු හදවත් රෝගයකින් පෙළෙන දරුවෙකු වන අතර ඔහුගේ සිහිනය වී ඇත්තේ කෙදිනක හෝ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වය දැරීමයි. මාස තුනේ පටන් ශල්‍ය කර්ම කිහිපයකට භාජනය වූ ආචිගේ සිහිනය සැබෑ කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමත්, ක්‍රිකට් ආයතනයත් කටයුතු කරනු ලැබුවා. ඒ ඔහු හදවත් රෝගය හේතුවෙන් කොපමණ කාලයක් දිවි ගෙවයිද යන සැකය ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ගේ අවිනිශ්චිත තාවය හේතුවෙන් ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වයට ගෙන ඇත. ආර්චි කණ්ඩායම සමගින් මේ දිනවල පුහුණුවීම් හි නිරත වී තිබෙන අතර ඔහුව සතුටින් තිබීම සඳහා ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයන් හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගෙන ඇත. ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය ආචි වෙනුවෙන්ම ටෙස්ට් ක්‍රිකට් ඇඳුමක් ද නිර්මාණය කිරීමටත් කටයුතු කර ඇති බව විදේශ ආරංචි මාර්ග සඳහන් කරයි. ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට තෝරාගත් ආර්චි පවසා ඇත්තේ තමන්ගේ ප්‍රධාන අරමුණු ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි දවාගැනීම බවත් එය ඉතා පහසු ක්‍රියාවක් බවතය. මෙම තරඟයේදී දඟ පන්දු යවන්නෙක් ලෙස ක්‍රීඩා කිරීමට ආචිට ඉඅද කඩ ලැබීමද විශේෂත්වයක්.   https://twitter.com/cricketcomau/status/1076772658589495296
 

More News..