brand logo

කොල්ලෙක් වෙලා කෙල්ලෙක්ට පෙම් කළ කෙල්ල මාට්ටු

28 August 2020

තරුණයෙකු ලෙස පෙනී සිට තවත් තරුණියක සමඟ දුරකතන පණිවිඩ හුවමාරු කර ගත් තරුණියක් හක්මන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. තරුණයා ලෙස පෙනී සිටි තරුණිය අනෙක් තරුණියට ජංගම දුරකථනයට එවන ලද කෙටි පණිවිඩයට අනුව රාත්‍රී කාලයේ තරුණියගේ නිවසට පැමිණි පසු තරුණියගේ වැඩිහිටියන් මෙම තරුණයා ලෙස පෙනී සිටින තරුණිය හක්මණ පොලිසියට බාර දී ඇත. මෙම තරුණියන් දෙදෙනා අතර වසර දෙකක පමණ කලක සිට ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශණ වලදී අනාවරණය වී ඇත. මෙම තරුණියන් දෙදෙනාගේ හැසිරීම සම්බන්ධයෙන් මීට පෙර ද මව්පියන් ඔවුන්ට අවවාද කර ඇති අතර නොතකා දිගින් දිගටම ඇසුර පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් තරුණයකු ලෙස හැසිරුණු තරුණියට වයස අවුරුදු 17ක් වන අතර අනෙක් තරුණියට වයස අවුරුදු 19ක් වෙයි. තරුණියන් දෙදෙනා සහ තරුණයෙකු වෙස් ගත් තරුණියට සහය දුන් විසිපහ සහ තිස්පහ වයසේ පසුවන තරුණයන් දෙදෙනෙක් ද දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය සඳහන් කරයි.
 

More News..