brand logo

කොල්ලුපිටියේ හෙරොයින් ජාවාරමේ තොරතුරු හෙළිවෙයි

24 January 2019

කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගනු ලැබූ කිලෝ 90කට අධික හෙරොයින් තොගයේ ජාවාරම ටර්ක්මෙනිස්ථානයේ සිට මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. අදාළ ජවාරමේ ප්‍රධානයින් ලෙස කටයුතු කළ ටර්ක්මෙනිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු පිළිබඳව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පෙරේදා (22) පස්වරුවේ කොල්ලුපිටිය සුපිරි නිවාස සංකීර්ණයකදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම කරුණු අනාවරණය වී තිබෙනවා. අදාළ හෙරොයින් නීති විරෝධිව බෝට්ටු මගින් මෙරටට ගෙන එන්නට ඇතැයි සැකකරන බව ද පරීක්ෂණ මෙහෙයවන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළා. මෙම ජාවාරම 2016 වසරේ සිට ඉතා සූක්ෂම ලෙස සිදුකර ඇති බව පොලීසිය පවසනවා. මෙම ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා ලබන 29 වැනි දා තෙක් රඳවා ප්‍රශ්න කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (23) අවසර ලබා දුන්නා. අත්අඩංගුවට ගත් අය අතර අමෙරිකානු ජාතිකයින් දෙදෙනෙකු සහ ඇෆ්ගන් ජාතිකයෙකු ද වනවා.
 

More News..