brand logo

කොල්ලන්ට ආසද ? තරඟ 4ක් තහනම්

14 February 2019

එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායක ජෝයි රූට් ට අපහාස කිරීමේ වරදට කොදෙව් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ෂැනොන් ගැබ්‍රියල්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරග 4ක තහනමක් පනවා තිබෙනවා. දෙරට අතර පැවැති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මෙම සිදුවීම සිදුව තිබෙන්නේ. එහිදී ඇති වූ සංවාදය මෙසේයි. කොදෙව් ක්‍රීඩක ගැබ්‍රියල් - ඇයි ඔයා මාත් එක්ක හිනා වෙන්නේ ? ඔයා කැමතිද කොල්ලොන්ට ? එංගලන්ත නායක ජෝයි රූට් - එපා මට අපහාස කරන්න. කොදෙව් ක්‍රීඩක ගැබ්‍රියල් - සමලිංගිකයෙක්වීමේ කිසිම වැරැද්දක් නැහැ. එංගලන්ත නායක ජෝයි රූට් - මට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. කොදෙව් ක්‍රීඩක ගැබ්‍රියල් - ඒත් ඔයා මාත් එක්ක හිනාවෙන එක නතර කරන්න. කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් අනතුරුව කොදෙව් ක්‍රීඩක ගැබ්‍රියල්ට ක්‍රිකට් කවුන්සිලයට ප්‍රකාශයක් ලබාදීමට සිදුව තිබෙනවා. ඔහු එම සිදුවීම ප්‍රකාශයක් ලෙස ලිඛිතව ලබාදී ඇති අතර, එහිදී ඔහු සදහන් කර ඇත්තේ, එංගලන්තයෙන් අපිට ලොකු පීඩනයක් තිබුණා. මම ඒ වෙලාවේ ලොකු පීඩනය හිටියේ. එංගලන්ත නායක ජෝයි රූට් මගේ දිහා හුගක් අවධානයෙන් බලාගෙන හිටියා. මම පන්දු යැවීමට සූදානම් වුණා. ඔහු මගේ තිබෙන මානසිකත්වය බිදදමන් උත්සාහ කළා. ඒ වෙලාවේ මම ජෝයි රූට්ගෙන් ඇහුවා ඇයි මාත් එක්ක හිනාවෙන්නේ ? ඔයා කොල්ලොන්ට ආසද කියලා ? මේ සම්බන්ධයෙන් එංගලන්ත කණ්ඩායමේ නායක ජෝයි රූට් නිල වශයෙන් කිසිදු පැමිණිල්ලක් සිදුකර නැහැ. ජෝයි රූට් මාධ්‍යයට පවසා ඇත්තේ සමහරක් අය පන්දු රකින අවස්ථාවලදී යම් යම් දේවල් කියනවා. ඒත් ඒවා කොච්චර කියලා ඉවසන්නද ? යනුවෙන් ජෝයි මාධ්‍යයට සදහන් කර තිබෙනවා.
 

More News..