brand logo

කොරෝනා හැදුන දියණියගේ පන්තියේ ළමයින් බේරෙයි

06 October 2020

කොවිඩ් ආසාදිත කාන්තාවගේ දියණිය ඉගෙනුම ලබන පාසලේ පන්ති කාමරයේ සිසු සිසුවියන් 42 දෙනා ඇතුළු ඇය ඇසුරු කළ සිසුසිසුවියන් 48දෙනෙකුගෙන් කිසිවෙකුට හෝ වයිසරය ආසාදනය වී නොමැත. අසාදිත ඇඟලුම් සේවිකාවගේ දියණියගේ පන්තියේ ළමුන් 42දෙනෙකුද, එම පන්තිය අසළ තවත් පන්තියක ළමුන් 6දෙනෙකු ද වශයෙන් ළමුන් 48දෙනෙකු ඊයේ(05) විදුහලේදී P.C.R පරීක්ෂණයට ලක් කරනු ලැබුවා. එහි ප්‍රතිඵල අනුව එයින් කිසිවෙකුටත් වයිරසය ආසාදනය වී නැති බව සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී තිබේ. පන්තියේ සිසුසිසුවියන් 42 දෙනා මීගමුවේ නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටින අතර සෙසු සිසු සිසුවියෝ 6දෙනා ඔවුන්ගේ නිවෙස්වල ම නිරෝධායනය වෙමින් පසුවෙනවා. විදුහලේ ගුරුවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ද පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබු අතර ඒවායේ ප්‍රතිඵල වාර්තා මෙතෙක් ලැබී නැහැ.
 

More News..