brand logo

කොරෝනා හැදුණු පළමු පාපන්දු ක්‍රීඩකයාට තවත් ලෙඩක්

20 May 2020

චෙල්සි ක්‍රීඩා සමාජයේ සහ එංගලන්ත ජාතික කණ්ඩායමේ ඉදිරිපෙළ පාපන්දු ක්‍රීඩක කැලම් හඩ්සන්-ඔඩෝයි ලිංගික අතවර කිරීමේ චෝදනාවක් මත ඉකුත් දා (18 වැනිදා) පොලිස් අත්අඩංගුවට පත්විය. ඉකුත්දා ලන්ඩන් නුවරදී පොලිස් හදිසි ඇමතුම් සේවාවට ලද පැමිණිල්ලක් මත කාන්තාවක වෙසෙන නිවෙසක් වෙත ගොස් ඇයව පොලිස් භාරයට ගෙන වෛද්‍ය පරීක්ෂණයකට ලක්කර ඇති අතර එ අනුව ඇය ලිංගික අතවරයකට ලක්ව ඇති බව වාර්තා විය. මේ පිළිබඳ වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වීමේදී 19 හැවිරිදි හඩ්සන්-ඔඩෝයි අදාළ අපරාධය සිදු වූ ස්ථානයේ රැඳී සිටියදී ලන්ඩන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුවන අතරවාරයේ ජූනි මස මැද භාගයේ නැවත පැමිණීමේ නියෝග මත හඩ්සන්-ඔඩෝයිට ඇප ලබා දී තිබේ. තම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයකු වෙත එල්ල වූ මෙම චෝදනාව සම්බන්ධයෙන් ‘චෙල්සි ක්‍රීඩා සමාජය‘ මාධ්‍ය වෙත අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ. එංගලන්ත ජාතික කණ්ඩායමේද ක්‍රීඩා කර ඇති හඩ්සන්-ඔඩෝයි සමගින් සැප්තැම්බර් මාසයේදී චෙල්සි ක්‍රීඩා සමාජය නව පස් අවුරුදු ගිවිසුමක් අත්සන් කළේය. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු ප්‍රිමියර් ලීග් පාපන්දු ක්‍රීඩකයා ලෙසද ඔඩෝයි වාර්තා වූ අතර මේ වනවිට ඔහු කොරෝනා රෝගයෙන් පූර්ණ සුවය ලබා ඇත.
 

More News..