brand logo

කොරෝනා හංගලා පෙම්වතියගේ ගෙට රිංගලා

09 November 2020

කොළඹ වරායේ සේවය කල තරුණයෙකු කොවිඩ් 19 ආසාධිතයකු බවට සනාථ වි ඇති බව වර්තා වේ. ආණමඩුව මැරුන්ගොඩ මහ උස්වැව එච් ගම්මානයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් මෙලෙස කොරෝනා වෛරස් ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන ඇත. කොළඹ වරායේ පුද්ගලික සමාගමක සේවය කර ඇති මෙම තරුණයා දින තුනකට පෙර කොළඹ දී ජෛව පටල සාම්පල් ලබා ගෙන තිබියදී නිවසට පැමිණේමින් සිටියදී කොරෝනා ආසාධිතයකු බවට සනාථ වි ඇත. ආසාධිතයකු බව දැන ගත්තද එය තම පෙම්වතියගේ නිවසට වසං කරමින් මොහු එහි රැදි සිට ඇති බවත් වාර්තා වේ. නිවසට පැමිනිමට පෙර මොහු ආණමඩුව සතොස ගොස් තවත් වෙළද සැලකට ගොස් එළවළු මිලදි ගෙන ඇති අතර මොහුව හඳුනා ගැනීමත් සමඟ ආණමඩුව සතොස ආයතනය ආණමඩුව ප්‍රාදේශීය සභාව විසින් විෂ බිජහරණය කර දැමිමට කටයුතු කර තිබේ. ආසාධිත තරුණයා රැඳී සිටි නිවසේ කුඩා දරුවන් දෙදෙනෙකු හා ඔවුන්ගේ මව හා ආසාධිත තරුණයාගේ පෙම්වතියද නිරෝධායකයට යොමු කර ඇති අතර සතොස ආයතනයේ සේවය කල සේවකයින් සිව් දෙනෙකු දින 14 ක කාලයක් නිරෝධායනයට යොමු කිරිමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන බව වාර්තා වේ.
 

More News..