brand logo

කොරෝනා සුව වී නිවසට ගිය විට ඉන්න ඕන මෙහෙමයි

31 May 2021

කොවිඩ් පමණක් නොව අපිට ඕනෑම රෝගයක් සෑදී සුවය ලැබුණු පසුව ශරීරයට විවේකයක් ලබා දිය යුතු වේ. * බරපතළ වැඩවල නොයෙදීම. අධික මහන්සි වීම යෝග්‍ය නොවේ. * තමන්ට හැකි අයුරින් නිවසේ සුළු සුළු වැඩපළ කිරීමට හැකිය. * සුවය ලබා නිවසට පැමිණි පසුව ‍නිරෝධායන කාලය අවසන්ව රැකියාව සඳහා යාමට හැකියාව පවතී. කෙසේ නමුත් අධික මහන්සිවී හෝ කය වෙහෙසා නොකරන වැඩ පමණක් යෝග්‍ය වන්නේය. * කොවිඩ් රෝගය සුව වී නිවස වෙත ගිය පසුවද කුඩා කුඩා රෝග තත්ත්වයන් මතුවිය හැකිය. කොවිඩ් රෝගය තිබුණ කාලයේදී කැස්සක් තිබුණේ නම් එය මාසයක් පමණ කාලයක් මඳපමණින් තිබිය හැකිය. මෙය මාසයක් පමණ කාලයක් තිබෙන අවස්ථාවන්ද දැකිය හැකිය. මේ කැස්ස වැඩි වුණොත් හෝ හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත්ය. * නිදන්ගත රෝගයකින් පෙළෙන පුද්ගලයෙකුට කොවිඩ් රෝගය වැලඳී සුව වුවද නිදන්ගත රෝගය සඳහා කරනු ලබන ප්‍රතිකාරයන් අඩුවකින් තොරව කළ යුතුය. * දියවැඩියා රෝගියෙකුට කොවිඩ් සෑදුණු විට ඔහුට ලබාදෙන ප්‍රතිකාරයන් හේතුවෙන් දියවැඩියා රෝගී තත්ත්වය වැඩිවිය හැකිය. කොවිඩ් සුව වූ පසුව දියවැඩියාවට නිසි ප්‍රතිකාර ලබා ගැනීම ඉතාමත් වැදගත්ය. * තවද ඔබට කොවිඩ් රෝගය වැලඳී සුවය ලැබීමෙන් අනතුරුව යම් බෝ නොවන රෝගයකට ගොදුරු වූවා යැයි සිතන්න. උදාහරණයක් ලෙස දියවැඩියාව, මෙය කොවිඩ් රෝගය හේතුවෙන් වැලඳුන රෝගයක් යැයි කිසිවිටෙකත් නොසිතන්න. * කොවිඩ් සුව වී නිවස බලා යන පුද්ගලයන්ට ඕනෑම ආහාරයක් ගත හැකිය. සෙම කියා හෝ ශක්ති ජනක ආහාරපාන කියා කිසිවක් නොමැත. තමන් ට කැමති හා ප්‍රියමනාප ආහාරපානයක් ගත හැකිය. මෙහිදී විශේෂයෙන්ම නිදන්ගත රෝගයන්ගෙන් පෙළෙන පුද්ගලයන් තමන්ට පවතින එම රෝගී තත්ත්වය ගැන සැලකිලිමත් වීම ඉතාමත් වැදගත්ය.(දියවැඩියාව අධිරුධිර පීඩනය වැනි රෝගී තත්වයන් තිබෙන පුද්ගලයන්.) * එසේම නෑම හොඳ හෝ නරකයි කීමට සාක්ෂි නැත. එම නිසා ඔබට නෑමට හැකිනම් නෑම වැදගත්ය. උණුවතුර ද ඇල්වතුර ද යන්න ගැටලුවක් නැත. ඔබට පහසුවෙන් ස්නානය කළ හැකි වතුරක් තෝරා ගත හැකිය. කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක •සටහන - ශ්‍රියානි විජේසිංහ
 

More News..