brand logo

කොරෝනා සමාජගත වෙන විදිහ මෙන්න

24 October 2020

කොවිඩ්-19 වෛරසය තවමත් මෙරට තුළ සමාජ ගත වී නැතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කර්යයංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පවසයි. ඔහු මේ බව සදහන් කළේ අද දෙරණ 24 නාලිකාවේ වැඩසටහනකට සහභාගි වෙමිනි. සමාජය තුළ වෛරසය පැතිරීම පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රම දෙකක් මගින් අර්ථ දක්වා ඇති බව වෛද්‍යවරයා සදහන් කළේය. එහි පළමු ක්‍රමය - සමාජය තුළින් හමුවන ආසාදිතයින්ගේ මූලාරම්භය සොයාගත නොහැකි නම් (කොහෙන් මෙම ආසාදිතයාට රෝගය බෝවුනේ ?) එය රෝගය සමාජ ගතවීමක් වේ. දෙවන ක්‍රමය - ප්‍රධාන රෝහල් සියල්ලෙහිම අහඹු ලෙස සිදුකරන පරීක්ෂණ වලදී මුල් අවස්ථාවේ රෝගීන් සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැතිව රෝගීන් හමුවේ නම් එය වෛරසය සමාජ ගතවීමක් වේ. මේ පිළිබද සෞඛ්‍ය ප්‍රවර්ධන කර්යයංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා වැඩිදුරටත් අදහස් දැක්වූයේ මේ ආකාරයෙන්...
 

More News..