brand logo

කොරෝනා වෛරසය ආසාදනය වූ 12,552කට සුවයි

18 February 2020

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 1701දෙනෙකු සුවය ලබා ඇති බව චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි. ඒ අනුව මේ වන විට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 12,552ක් වේ. එමෙන්ම කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 1,873ක් දක්වා ඉහළ ගොස් තිබේ. ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන අද වනවිට 73,000 ඉක්මවා තිබේ. ඒ අතරින් ආසාදිතයින් 72,000ක්ම වාර්තා වන්නේ චීනයෙනි. අද දිනයේ අලුතින් එක් වූ ආසාදිතයින් ගණන 1886ක්.
 

More News..