brand logo

කොරෝනා වෛරසයෙන් සුවය වූ සංඛ්‍යාව 69000 ඉක්මවයි

15 February 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 715දෙනෙකු පූර්ණ සුවය ලබා මධ්‍යස්ථාන වලින් පිටව ගොස් ඇත. ඒ අනුව කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ මෙරට සමස්ත පුද්ගල සංඛ්‍යාව 69411ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 75654ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. ඉන් ආසාදිතයින් 5846දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටින බව එම ඒකකය පැවසීය. කොවිඩ්-19 වෛරසය ආසාදිතව මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 397කි.
 

More News..