brand logo

කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 61461ක් දක්වා ඉහළට

05 February 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 894දෙනෙකු සුවය ලබා ඇත. ඒ අනුව මෙරට තුළ කොවිඩ් ආසාදිතව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 61,461ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරටින් හදුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 67115ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. ඉන් ආසාදිතයින් 5315දෙනෙකු තවදුරටත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබයි. කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 339කි.
 

More News..