brand logo

කොරෝනා වැළඳුනු දකුණු ඉන්දීය සංගීතඥ බාලසුබ්‍රමනියම්ට අසාධ්‍යයි

15 August 2020

සුප්‍රකට දකුණු ඉන්දීය ගායකයෙකු වන එස්.පී. බාලසුබ්‍රමනියම් කොරෝනා ආසාදනය වී රෝහල් ගත කර ඇති අතර මේ වන විට අසාද්‍ය තත්වයෙන් පසුවෙන බව ඉන්දීය මාධ්‍ය වාර්ථා කරයි. ඔහුගේ තත්වය එක රැයකින් අසාද්‍ය වී ඇති අතර 74 වන වියේ පසුවන ඔහු දැඩි සත්කාර ඒකකයට (ICU) මාරු කර යවා තිබේ ඔහු දැනට ජීවිතාරක්ෂාව සඳහා යන්ත්‍ර සවිකර දැඩි සත්කාර ඒකකයේ සිටින බව චෙන්නායි නුවර එම්.ජී.එම්. රෝහල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. අගෝස්තු 5 වන දින ඔහු කොරෝනා වයිරස සඳහා ධනාත්මක වූ නිසා චෙන්නායි හි චූලයිමෙඩු හි එම්ජීඑම් රෝහලට ඇතුළත් කර තිබුණි. සමාජ මාධ්‍ය වෙත ඔහු රසිකයින් වෙනුවෙන් දන්වා සිටියේ “පසුගිය දින 2-3 තුළ මට සුළු අපහසුතාවයක්, පැමිණියා. එය ගායකයෙකුට විකාරයක් වගේ හිරිහැරයක්. මට එය නොසලකා හැරිය නොහැකිවුණා. රෝහලට ගොස් පරීක්ෂා කළ පසු ඔවුන් පැවසුවේ එය කොරොනා ධනාත්මක බවයි.“ ගායක එස්.පී.බාලසුබ්‍රමනියම් වෙනුවෙන් වෛද්‍යවරුන් කණ්ඩායමක් සෞඛ්‍යය නිරීක්ෂණය කරන බව පැවසෙන අතර, මෙම කම්පිත ප්‍රවෘත්තිය ඇසූ ඔහුගේ හිතවතුන් ඔහු වෙනුවෙන් යාඥා කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
 

More News..