brand logo

කොරෝනා වසංගතය හමුවේ ආසාදිතයින් හඹා යන පරීක්ෂණ

03 December 2020

කොරෝනා දෙවැනි රැල්ලේ අවදානම තවමත් පහව නැත. විශේෂයෙන් කොළඹ දිස්තික්කය ඇතුළත රෝගය විශාල වශයෙන් ව්‍යාප්තවී ඇත. රෝගය සම්බන්ධයෙන් සාර්ථක එන්නත් දැන් සොයාගෙන තිබෙන අතර ඒවා භාවිත කිරීමට තවත් කාලයක් බලා සිටීමට සිදුවනු ඇත. එනිසා මේ මොහොතේ කළහැකි එකම කාර්යය රෝගය පැතිරීම පාලනය කිරීමයි. මේ පරීක්ෂණ පිළිබඳව මේ වනවිට විවිධ විවේචනයන් දැන් දැන් අසන්නට ලැබේ. එනිසා කොවිඩ් වැලඳී ඇතිදැයි සොයාබැලීමට සිදුකරන පරීක්ෂණ ඉතා වැදගත් වේ. ඉන් RT-PCR පරීක්ෂණය වයිරසය මුල් අවදියේදීම හඳුනා ගැනීමට ඉතාම වැදගත් සාර්ථක පරීක්ෂණයකි. එහි නිරවද්‍යතාව ඉතාම ඉහළය. RT-PCR පරීක්ෂණය සඳහා අවශ්‍ය විශේෂිත පර්‌යේෂණාගාර දිවයින පුරා මේ වන විට පිහිටුවා ඇති අතර, මෙම පර්‌යේෂණාගාර පැය 24 පුරාම වයිරසය තහවුරු කරන RT - PCR පරීක්ෂණ සිදුකරනු ලබයි. දිනකට සිදු කරන පරීක්ෂණ ප්‍රමාණය SingleFlex, MultiFlex ක්‍රමවේදය මත තීරණය කරයි. රජය යටතේ පවතින වයිරසවේදී පර්‌යේෂණාගාරවලට අමතරව පෞද්ගලික රෝහල් PCR රසායනාගාරවලින් මේ වනවිට දිනකට PCR විශාල ප්‍රමාණයක් සිදුකරනු ලබයි. CovID-19 සායනික රෝග විනිශ්චය සඳහා “Gold Stranded” වඩාත් සාර්ථකම පරීක්ෂණය ලෙස RT-PCR පරීක්ෂණය බව තහවුරු කර හමාරය. මේ අනුව, න්‍යෂ්ටික අම්ල පරීක්ෂණයක් සමග ප්‍රතිදේහජනක Rapid Test පරීක්ෂණ ප්‍රතිඵලයක් තහවුරු කිරීම අවශ්‍ය විය හැකිය, විශේෂයෙන් ප්‍රතිදේහජනක පරීක්ෂණයේ ප්‍රතිඵලය සායනික වශයෙන් නොගැළපේ නම්. RT-PCR පරීක්ෂණයකින් ප්‍රතිදේහජනක පරීක්ෂණ ප්‍රතිඵලයක් සනාථ කිරීමේදී, පරීක්ෂණ දෙක සඳහා සාම්පල එකතු කිරීමේ කාල පරතරය දින දෙකකට වඩා අඩු වීම වැදගත් වේ. එමෙන්ම ඒවා අතර නව නිරාවරණ සඳහා කිසිදු අවස්ථාවක් නොලැබුණු බව සනාථ කරගත යුතුය. දින දෙකකට වඩා වැඩි කාලයක් නම් හෝ නව නිරාවරණ සඳහා අවස්ථා තිබේ නම්, න්‍යෂ්ටික අම්ල පරීක්ෂණය වෙනම පරීක්ෂණයක් ලෙස සැලකිය යුතුය. Pooling sample කියන්නෙ මොකක්ද? එනම් පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ශ්වසන සාම්පල එකට එකතු කිරීම සහ COVID-19 වලට හේතු වන වයිරසය වන SARS-CoV-2 හඳුනා ගැනීම සඳහා එක් කරන ලද සාම්පල සංචිතයක් මත එක් රසායනාගාර පරීක්ෂණයක් පැවැත්වීමයි. මෙම පරීක්ෂණ වලින් හෙළි වෙන්නේ සංචිත (Pool) කළ නිදර්ශක පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය පෞද්ගලිකව එක එක නියැදිය වෙන වෙනම පරීක්ෂා කිරීමේ (individual testing) කාර්යය හා සමානවම නිරවද්‍ය බවයි. මෙහිදී Pool එකක රෝගීන් 04 ක ගෙන් ලබා ගත් නියැදි අඩංගු කළ හැක. එයින් එක් කොටසක් ගෙන RT-PCR පරීක්ෂණය සිදුකළ හැක. Negative නම් අප නිදර්ශක ලබාගත් පුද්ගලයන් 04 දෙනාගේම නව කොරෝනා ආසාදනය සිදුවීමක් නොමැති බවයි. Positive නම් Pool සෑදීමට ගත් නිදර්ශක 04 වෙනම පරීක්ෂා කළ යුතුය. එහිදී අදාළ ආසාදිතයා තහවුරු කළ හැක. මෙම ක්‍රමය මගින් වර්තමානයේ දිනකට සිදුකරන RT - PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩිකළ හැකිය. වැය වෙන සම්පත් ප්‍රමාණය අඩු කර ගනිමින් ඉතා නිරවද්‍ය ප්‍රතිඵල ලබා ගැනීමට මෙය සාර්ථක ක්‍රම වේදයකි. ජර්මානු විද්‍යාඥයන් මෙය ක්ෂේත්‍ර පාලන පරීක්ෂා තත්ත්ව යටතේ නිරවද්‍ය බව තහවුරු කර ඇත. විශේෂයෙන් රෝග ලක්ෂණ රහිත සැක සහිත ප්‍රජාවේ සිටින විශාල රෝගීන් සංඛ්‍යාවක් පරීක්ෂාවට මේ මගින් පහසුවෙන් කළ හැකි බව නිගමනය වෙයි. Pool කිරීම මගින් රසායනාගාරවලට අඩු පරීක්ෂණ ද්‍රව්‍ය සමග වැඩි සාම්පල පරීක්ෂා කිරීමට ඉඩ ලබා දේ. Pooling Sample භාවිත කළ යුත්තේ කුමන අවස්ථාවලද? Pooling Sample පරීක්ෂණය භාවිත කළ යුත්තේ පරීක්ෂණ ප්‍රතිඵල Positive ගණන අඩු යැයි අපේක්ෂා කරන ප්‍රදේශවල හෝ අවස්ථාවන්හිදී පමණි. උදාහරණයක් ලෙස SARS-CoV-2 ආසාදන අඩු ප්‍රවණතාවක් ඇති ප්‍රදේශවලය. Pooling Sample පරීක්ෂණ රෝග විනිශ්චය හෝ පරීක්ෂණ නිදර්ශක ප්‍රමාණයක් Pool කළහොත් වයිරස සාන්ද්‍රණය අවම වන නිසා නිදර්ශක 4 පමණ ප්‍රමාණයක් සාමාන්‍යයෙන් මෙම ක්‍රියාවලියට යොදා ගනී. ආසාදිතයන් හඳුනා ගන්නා පරීක්ෂණ ප්‍රමාණය වැඩිකළ හැකි ක්‍රමවේදය එය නම් Point of Care - පොයින්ට් ඔෆ් කෙයාර් පරීක්ෂණය. බෝවන රෝගයක් හඳුනා ගැනීම සඳහා වේගවත් පරීක්ෂණ ක්‍රමවේදය මෙසේ සරලව හැඳින්විය හැක, පරීක්ෂණය කර මිනිත්තු කිහිපයක් ඇතුළත ප්‍රතිඵල ලබා දෙන අතර රෝගීන්ගේ සත්කාර පිළිබඳ වේගවත් තීරණ ගැනීමට ඉඩ සලසයි. රැකවරණයට, පහසුවෙන් ප්‍රවේශ විය නොහැකි ප්‍රජාවන් සහ ජනගහනය සඳහා POC පරීක්ෂණ මගින් පරීක්ෂණ සිදුකළ හැකිය. SARS-CoV-2 සඳහා Rapid Antigen පරීක්ෂණය කොරෝනා වසංගතයට ප්‍රතිචාර දැක්වීම සඳහා විවිධ පරීක්ෂණ ක්‍රමෝපායන් තුළ ප්‍රතිදේහජනක පරීක්ෂණ භාවිත කළ හැකිය. SARS-CoV-2 ආසාදනය හඳුනා ගැනීම, වර්තමාන ආසාදන හඳුනා ගැනීමට අදහස් කරන පුද්ගලයකුට, COVID-19 වලට අනුරූප සංකූලතා හෝ රෝග ලක්ෂණ ඇති විට, පුද්ගලයකු පළමු පෙළ ආශ්‍රිතයකු ලෙස නිරූපණය වන විට හෝ SARS-CoV-2 වයිරසයට මෑතකදී දන්නා හෝ සැක කළ නිරාවරණයක් ඇති විට, රෝග විනිශ්චය සඳහා නිදසුන් අතර රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් පරීක්ෂා කිරීම, සම්බන්ධතා සොයා ගැනීමේ උත්සාහයන් දරන විට, හඳුනාගත් පුද්ගලයන් පරීක්ෂා කිරීම සහ COVID-19 පිළිබඳ තහවුරු කරන ලද හෝ සැක සහිත අයෙකුට ඔවුන් නිරාවරණය වී ඇති බව පෙන්වන අය පරීක්ෂා කිරීම සඳහා මෙම Rapid Antigen පරීක්ෂණය උදව් වෙයි. SARS-CoV-2 සඳහා Rapid Antigen පරීක්ෂණය මගින් SARS-CoV-2 වලට නිරාවරණය නොවී හෝ නොදැනුවත්ව හෝ රෝග ලක්ෂණ නොමැති ආසාදිත පුද්ගලයන් හඳුනා ගත හැකිය. සේවා ස්ථානයන් SARS-CoV-2 වයිරසය සඳහා පරීක්ෂා කිරීම, පාසලක් එහි සිසුන් සහ කාර්ය මණ්ඩලය පරීක්ෂා කිරීම, සෞඛ්‍ය සේවා හා සෞඛ්‍ය සේවා නොවන ස්ථාන සඳහා කොරෝනා රෝගකාරක වයිරසය මූලිකව හඳුනා ගැනීම සඳහා Rapid Antigen පරීක්ෂණ බහුලව භාවිත වේ. ප්‍රතිදේහජනක පරීක්ෂණ යනු නිශ්චිත වයිරස ප්‍රතිදේහජනක පවතින බව හඳුනා ගන්නා සරල පරීක්ෂණයකි. කොරෝනා සඳහා ප්‍රතිදේහජනක පරීක්ෂණය සිදුකිරීමට අවශ්‍ය නිදර්ශක වනුයේ නේසෝෆරින්ජියල් හෝ නාසය තුළින් ලබාගන්නා ස්වබ් ක්ෂණිකවම VTM මාධ්‍යයකට හෝ බෆර් මාධ්‍යයකට යොදා ගැනීම මගින් Rapid Antigen පරීක්ෂණයට අවශ්‍ය නිදර්ශකය සකසා ගත හැකිය. පරීක්ෂණ සඳහා තහවුරු කළ Rapid Antigen පරීක්ෂණය ඕනෑම වයස් කාණ්ඩයක පුද්ගලයන් සඳහා භාවිත කිරීමට හැකිය.   ප්‍රතිදේහජනක පරීක්ෂණ සාපේක්ෂව මිල අඩුය. දැනට පවතින Rapid Antigen Test කට්ටල විනාඩි 15 - 20 කින් ප්‍රතිඵල ලබා දෙයි. SARS-CoV-2 සඳහා ප්‍රතිදේහජනක පරීක්ෂණ සාමාන්‍යයෙන් RT-PCR සඳහා භාවිත කරමින් න්‍යෂ්ටික අම්ල හඳුනා ගන්නා වයිරස් පරීක්ෂණවලට වඩා සංවේදීතාව අඩුය. COVID-19 යැයි සැක කරන රෝගීන්ගේ නිවැරදි සායනික කළමනාකරණය සඳහා හෝ පරීක්ෂාව සඳහා භාවිත කරන විට ආසාදිත පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා ප්‍රතිදේහජනක පරීක්ෂණ ප්‍රතිඵල නිසි ලෙස අර්ථ නිරූපණය කිරීම වැදගත් වේ. ප්‍රතිදේහජනක සඳහා Rapid Test පරීක්ෂණය රෝග විනිශ්චය,පරීක්ෂණවල සායනික ක්‍රියාකාරිත්වය බොහෝ දුරට රඳා පවතින්නේ ඒවා භාවිත කරන තත්ත්වයන් මත ය. වයිරස් ප්‍රමාණය සාමාන්‍යයෙන් ඉහළම මට්ටමක පවතින විට SARS-CoV-2 ආසාදනය වීමේ මුල් අවධියේදී පුද්ගලයා පරීක්ෂා කරන විට ප්‍රතිදේහජනක සඳහා Rapid Test පරීක්ෂණ වඩාත් හොඳින් සිදු කරයි. COVID-19 සනාථ කරන ලද අවස්ථාවක පුද්ගලයාට දන්නා නිරාවරණයක් ඇති රෝග විනිශ්චය පරීක්ෂණ අවස්ථාවලදී ඒවා ප්‍රයෝජනවත් වේ. Rapid Antigen පරීක්ෂණ අධි අවදානම් සහිත අවස්ථා තුළ පරීක්ෂණ සඳහා භාවිත කළ හැකි අතර, නැවත නැවත පරීක්ෂා කිරීමෙන් SARS-CoV-2 ආසාදනයක් ඇති පුද්ගලයන් ඉක්මනින් හඳුනාගත හැකි අතර ආසාදන වැළැක්වීම සහ පාලන ක්‍රියාමාර්ග දැනුම් දීම මගින් සම්ප්‍රේෂණය වීම වළක්වා ගත හැක. මෙම අවස්ථාවේ දී, RT-PCR පරීක්ෂණවලට වඩා අඩු සංවේදීතාවක් තිබිය හැකි වුවද, ප්‍රතිදේහජනක පරීක්ෂණ සමග ක්ෂණික ප්‍රතිඵල ලබා දීමේ වටිනාකමක් තිබිය හැකිය, විශේෂයෙන් වේගවත් හැරවුම් කාලයක් අවශ්‍ය වන අවස්ථා වලදී. ආශ්‍රිතයන් පරික්ෂා කිරීම සහ අධි අවදානම් සහිත අවස්ථා සඳහා ප්‍රතිදේහජනක පරීක්ෂණ භාවිත කිරීම සිදුකළ හැක. False Negative හෝ False Positive ප්‍රතිඵල හඳුනා ගැනීමට සහ රෝගියාගේ කළමනාකරණයට මග පෙන්වීම සඳහා ප්‍රතිදේහජනක පරීක්ෂණයේ සාධනීය ලක්ෂණ තේරුම් ගත යුතුය. Rapid ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකරන වෛද්‍ය පර්‌යේෂණාගාර විද්‍යාඥ වෘත්තිකයන් ද ප්‍රතිදේහජනක පරීක්ෂණයේ නිරවද්‍යතාවට බලපාන සාධක තේරුම් ගත යුතුය. ආසාදිත, රෝග ලක්ෂණ නොපෙන්වන, බෝ නොවන රෝගවලින් පීඩා නොවිඳින හෝ අවදානම් නොවන අය සති දෙකකට පසු RT- PCR නොකර රෝහල්වලින් නිදහස් කිරීම මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති තීරණයකි. එවැනි පුද්ගලයන් සදහා Rapid Antibody පරීක්ෂාව සිදුකර ශරීරය තුළ ප්‍රතිදේහ නිපදවී ඇත්ද යන්න පරීක්ෂා කර නිදහස් කළ හැකි නම් එය වසංගතය පාලනයට වඩා වැදගත් වෙයි. Rapid Antibody පරීක්ෂාව අප ශරීරය වෛරසයකට නිරාවරණය වූ විට එයට විරුද්ධව අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ප්‍රතිදේහ නිපදවනු ලබයි. සාමාන්‍යයෙන් වයිරසය විනාශ කිරීමට දින 5-10 අතර කාලයේදී මුලින් IgM සහ පසුව IgG ප්‍රතිදේහ නිපදවනු ලබයි. ප්‍රතිදේහ පරීක්ෂණ සිදුකරන පරීක්ෂණ කට්ටලවල මෙම ප්‍රතිදේහ දෙකම සඳහා පරීක්ෂණ සිදුකළ හැකිය. Rapid Antibody පමණක් සිදු කිරීම කෙතරම් දුරට සාර්ථක ද? [caption id="attachment_115655" align="alignleft" width="300"]                          Testing Results[/caption] ආසාදනය සිදුවී අවම වශයෙන් සතියකට පසු ශරීරයේ නිපදවෙන ප්‍රතිදේහ (IgM) පරීක්ෂණය සිදුකරන විට එම පුද්ගලයන් දින කිහිපයක් රෝග වාහකයන් වී රෝගය පතුරවන අතර එම පරීක්ෂණයේ සංවේදීතාව ඉතා අඩු මට්ටමකද පවතින බවත් කිව යුතුය. මේ වන විට තිබෙන ප්‍රතිදේහ පරීක්ෂා කරන පරීක්ෂණ කට්ටලවලින් ආසාදිත රෝගීන් 100 දෙනෙක් පරීක්ෂණයට භාජනය කළ විට positive පෙන්වන්නේ 30 - 50 අතර ප්‍රමාණයකි. එසේ නම් මෙම පරීක්ෂණය සිදුකර Negative ලෙස මුදාහරින ආසාදිත පුද්ගලයන්ගෙන් තවත් මෙම රෝගය පැතිරවීම පාලනය කළ හැකිද යන්න ගැටලුවකි. එහිදී ලබාගන්නා නිදර්ශකයේ ඇති ප්‍රතිදේහ ප්‍රමාණය මත ප්‍රතිඵලය වෙනස් විය හැක. උදාහරණයක් ලෙස ඇඟිල්ලක් විද ලබා ගන්නා පළමු ලේ බිංදුව වැනි අවස්ථාවල මෙය බලපායි. පරීක්ෂණය සිදුකරන වෘත්තීයවේදීන් මත ප්‍රතිඵලය වෙනස් විය හැක. Weakly Positive අවස්ථාව හඳුනා ගැනීමට සාමාන්‍ය කෙනෙකුට අපහසු වෙයි. ශ්වසනය මගින් බෝවෙන H1N1, SARS-COV-2 වැනි වයිරස ආසාදන පරීක්ෂණය සඳහා යොදාගන්නා ප්‍රතිදේහ පරීක්ෂණවල නිර්වද්‍යතාව ඉතා අඩු බව(30-50%) WHO හා CDC මගින් තහවුරු කර තිබේ. නමුත් ඩෙංගු වැනි වයිරස රෝග සඳහා ප්‍රතිදේහ පරීක්ෂණය ඉතා සාර්ථක ක්‍රමයක්. එහි සංවේදීතාව 96-99%ක් කොරෝනා වසංගත තත්ත්වය අවදානම් මට්ටමක් කරා යන මෙවැනි අවස්ථාවක ආසාදිතයින් ඉක්මනින් හඳුනාගෙන නව ආසාදනය පාලනය කිරීම ඉතා අවශ්‍ය කාරණයකි. ඒ සඳහා ඉහත සාකච්ඡා කළ Point of Care (Rapid Antigen සහ Rapid Antibody ) පරීක්ෂණ සමග RT-PCR ද සිදුකිරීම අවශ්‍යව ඇත. Rapid පරීක්ෂණ ක්‍රමවේදයේදී Positive,Negative හඳුනා ගැනීමට වඩා Weakly Positive හඳුනා ගැනීමට අවධානය යොමුකළ යුතුය. එයට හේතුව Weakly Positive ප්‍රතිඵලය Negative ලෙස සමාජගත වූවොත් එම පුද්ගලයා තවත් පිරිසකට වයිරසය පතුරවන බැවිනි. මෙම Rapid පරීක්ෂණය නොදන්නා පිරිසක් මගින් සිදුකරනවාට වඩා ක්ෂේත්‍රයේ දැනුම පළපුරුද්ද සහිත වෛද්‍ය පර්‌යේෂණාගාර විද්‍යාඥයන් මගින් සිදුකර ගැනීම තුළින් "වැරදි වාර්තා " අවම කරගත හැක. එමගින් වඩා කාර්යක්ෂව කොරෝනා වයිරසය පැතිරීම පාලනය කළ හැක.   •රජිත් ප්‍රියංකර ගමගේ

වෛද්‍ය පර්‌යේෂණ විද්‍යාඥ

මහ රෝහල

නුවරඑළිය.

 

More News..