brand logo

කොරෝනා වලින් සුව වන්නන්ගේ ප්‍රතිශක්තිය ඉහළට

20 November 2020

කොවිඩ් වයිරසය ආසාදිත වී සුවය ලැබූ පුද්ගලයන්ගේ ශරීර තුළ තවත් රෝගාබාධා ගණනාවකට මුහුණ දිය හැකි මට්ටමේ ශක්තිමත් මෙන්ම දීර්ඝ කාලීන ප්‍රතිශක්තියක් ගොඩනැගෙන බව නවතම පර්‌යේෂණයකින් අනාවරණය කර ඇත. එක්සත් ජනපදයේ ලා ජොල්ලා වසංගතවේද ආයතනයේ (La Jolla Institute for Immunology) පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම නව පර්‌යේෂණ වාර්තාව එළිදක්වා තිබේ. මෙම පර්‌යේෂණය සිදුකර ඇත්තේ කොවිඩ් 19 වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන්ගේ රුධිරය ඇසුරිනි. වසංගතයේ පළමු රැල්ලේදී වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිය ඉතාමත් ශක්තිමත් මට්ටමක පවතින බවත් ඔවුනට වයිරසය නැවත ආසාදනය වීම වළක්වා ගැනීමට මෙන්ම තවත් රෝගාබාධවලට එරෙහිව ක්‍රියාත්මක වීමේ හැකියාව පවතින බවත් එමගින් තහවුරු කර තිබේ. මෙම පර්‌යේෂණ ප්‍රතිඵලයන් සමග දෙවැනි වරට වයිරසය ආසාදනය වීම සහ සොයාගනු ලබන එන්නතක් නැවත නැවත රෝගීන්ට ලබාදිය යුතු වීම සම්බන්ධයෙන් විශේෂඥයන්ට පැවැති ගැටලු නිරාකරණය වන බවද ‘ලා ජොල්ලා’ පර්‌යේෂණ කණ්ඩායමේ ප්‍රධානී වයිරස් විද්‍යාඥ ෂේන් ක්‍රොට්ටි ප්‍රකාශ කර ඇත. කොවිඩ් 19 වයිරසය සම්බන්ධයෙන් මෙතෙක් පළ වී ඇති මත රැසක් මෙම පර්‌යේෂණ ප්‍රතිඵල හරහා බිඳ වැටෙන බවද හෙතෙම පෙන්වා දී ඇත. නයන තරංග ගමගේ
 

More News..