brand logo

කොරෝනා වලට චීනයෙන් එන්නතක්

18 November 2020

කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂාවීමට චීනය නිෂ්පාදනය කර ඇති කොරෝනා එන්නතක් මධ්‍යම අත්හදා බැලීම් අවස්ථාවේදී සාර්ථක බවට දත්ත ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පර්යේෂකයින් සදහන් කරන්නේ සිනොවැක් බයෝටෙක් නම් එම එන්නත ඉතා කඩිනමින් ප්‍රතිශක්තිය ඇති කළ බවයි. එම එන්නත පුද්ගලයින් 700ක් යොදා අත්හදා බැලීම් සිදුකළ බවත්, ඉදිරියේදී තවදුරටත් එය අත්හදා බැලීමට නියමිතයි. මෙම එන්නතට අමතරව චීනයේ කොවිඩ් එන්නත් කිහිපයක් නිපදවා ඇති අතර, ඉන් එන්නත් කිහිපයක් පුද්ගලයින් කිහිපදෙනෙකුට ලබාදී අත්හදා තිබේ.
 

More News..