brand logo

කොරෝනා රෝග ලක්ෂණ තිබේ නම් එන්නත ගැනීමෙන් වලකින්න

16 May 2021

  යම් පුද්ගලයකුට කොවිඩ් -19 රෝග ලක්ෂණ පවතී නම් කොරෝනා මර්ධන එන්නත ලබාගැනීම සුදුසු නොවන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව එම අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙන්නේ කොවිඩ් රෝග ලක්ෂණ සහිත නම් එම පුද්ගලයන් එන්නත ලබා ගැනීම නිෂ්ඵල ක්‍රියාවක් බවය. මේ අනුව දැනට නිරෝධායනය වෙන අය සහ ආසාදිතවේ යයි සැක සහිත පිරිස එන්නත ලබාගැනීම කිසිඳු ප්‍රයෝජනයක් නොමැති බව කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කර ඇත. "යම් කෙනෙක් ආසාදිතයෙක් නම් ඒ ආසාදිතයා ගිහින් කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ. මොකද දැනටමත් ඔහුගේ ශරීරය තුළ වෛරසය තිබෙන නිසා. ඒ නිසා දැනට නිරෝධායනය වෙන අය සහ ආසාදිත වෙයි කියලා සැක කරන අයට මේ එන්නත් ලබාදීම අපි ප්‍රමාද කරනවා. කොවිඩ් රෝග ලක්ෂණ වසන් කරලා එන්නත ගැනීමෙන් ද ප්‍රයෝජනයක් නෑ. එය සුදුසු නෑ." "කොවිඩ් -19 ආසාදනය වුණාට පස්සේ ඔහුට රෝග ලක්ෂණ නැති නම් හෝ සුළු රෝග ලක්ෂණ පමණක් තිබේ නම් ඔවුන්ගේ වෛරසයේ තියෙන බලපෑම, ඒ වෛරසයෙන් තවත් කෙනෙකුට ආසාදනය වෙන්න තියෙන බලපෑම් දින 10ත් 14ත් අතර කාලයකදී සම්පූර්ණයෙන්ම නැතුව යනවා. ඒ නිසා අපි රෝහල්වලට සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ඇතුළත් කරන ආසාදිත නමුත් රෝග ලක්ෂණ නැති අය දින 10කින් නිවෙස්වලට පිටත්කර හරිනවා. ඔවුන් තවත් දින 4ක් නිවසේම රැඳී සිටිය යුතුයි. ඒ දින 14 ගත වුණාට පසුව ඔවුන්ට දෛනික කටයුතු කරගන්න පුළුවන්."
 

More News..