brand logo

කොරෝනා රෝග ලක්ෂණ ඇත්නම් වහාම දැනුම්දෙන්න

01 November 2020

ඇඳිරිනීතිය පනවා ඇති කාලය තුළ යම් රෝග ලක්ෂණයක් ඇති වුවහොත් දැනුම්දීමට නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ. කොරෝනා වෛරසය ආසාදනය වීමේ කිසියම් රෝග ලක්ෂණයක් පෙන්නුම් කළහොත් රෝහල් ගතවීමට පෙර 011 7966366 අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය දැනුම්දෙයි. “ඇඳිරිනීතිය පවත්නා කාලය තුළ ඔබ නිවසේ සිටිය දී යම් රෝග ලක්ෂණයක් ඇති වුවහොත් ඔබ කරන්නේ රෝහලක් වෙත ගමන් කිරීමයි. මෙහිදී අන් අයටත් රෝගය පැතිරීමට වාහකයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රෝහල තුළ දී ඔබට රෝගය වැළඳිය හැකියි. මම යෝජනා කරනවා එම දුරකථනය අමතා ඔබගේ ප්‍රශ්නය ඔවුන්ට කියන්න. ඔවුන් එවිට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් යොමු කරනවා. පීසීආර් කිරීමට අවශ්‍ය නම් ඔවුන් එම කටයුත්ත සඳහා යොමු වෙනවා. එහි ප්‍රතිඵල එනකල් ඔබට නිවසට වී සිටිය හැකියි.“ යනුවෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා පවසයි.
 

More News..