brand logo

කොරෝනා රෝගී දරුවන් 15දෙනෙක් IDH රෝහලේ

12 May 2021

අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කොවිඩ් වෛරසය වැළඳුණු දරුවන් 15දෙනකු ප්‍රතිකාර ලබන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසයි. මේ දරුවන් කිසිවෙකුටත් බරපතල සංකූලතා නොමැති බව අධ්‍යක්ෂකවරයා සඳහන් කරයි. කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම නිසා අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ මේ වන විට දැඩි තදබදයක් පවතින බවත් තත්වය එසේ වුවද එහි කටයුතු මැනැවින් කළමනාකරණය කර ගැනීමට හැකිවී ඇති බවත් අත්තනායක මහතා සඳහන් කරයි
 

More News..