brand logo

කොරෝනා රෝගීන් වෙනුවෙන් කළුතරින් නව ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක්

05 November 2020

කළුතර පස්දුන් රට අධ්‍යාපන විද්‍යා පීඨය සහ අලුත්ගම දර්ගා නගරය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සඳහා නව ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස අද( 05) සිට යොදා ගන්නා බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂකවරයා පවසයි. ඇඳන් 400කින් යුත් පස්දුන් රට අධ්‍යාපන විද්‍යා පීඨයේ හා ඇඳන් 200කින් යුත් ජාතික අධ්‍යාපන විද්‍යාව පීඨයේ සියලුම පහසුකම් වලින් යුක්තව ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ස්ථාපිත කර ඇත. කළුතර නාගොඩ මහා රෝහල , බේරුවල ,දර්ගා නගරය හා අලුත්ගම රෝහල්වල වෛද්‍යවරුන් හෙදියන් හා කාර්ය මණ්ඩලය එම ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකේ සේවය සඳහා කැඳවා ඇත. යුද හමුදාවෙන් එහි පහසුකම් සහ ආරක්ෂාව සැපයීම සිදු කරනු ඇතැයි වෛද්‍ය අධ්‍යක්ෂකවරයා පවසයි.
 

More News..