brand logo

කොරෝනා රෝගීන් වාර්තාවූ ප්‍රදේශ මෙන්න

12 June 2021

කොවිඩ්-19 ආසාදිත රෝගීන් 2,789ක් ඊයේ (11) දිනයේ මෙරටින් හඳුනාගෙන තිබෙන අතර ඉන් වැඩිම ආසාදිත පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිත රෝගීන් 741ක් වාර්තා වී ඇත. එසේම බස්නාහිර පළාතේ සෙසු දිස්ත්‍රික්ක දෙක වන කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිත පුද්ගලයන් 505ක් සහ කළුතරින් 181ක් වාර්තා වී තිබේ. මේ අතර ඊයේ (11) වාර්තාවූ ආසාදිතයින්ගෙන් 30කු විදේශ ගතව සිට මෙරටට පැමිණි අයයි. කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන්නේ ඊයේ දිනයේ දී දිස්ත්‍රික්ක 25න් ම ආසාදිතයින් වාර්තා වී ඇති බවයි. ඒ අනුව කුරුණෑගල 145ක්, ගාල්ල 67ක්, මාතර 40ක්, කෑගල්ල 50ක්, බදුල්ල 96ක්, අම්පාර 66ක්, මාතලේ 18ක්, අනුරාධපුර 57ක්, මුලතිව් 3ක්, මන්නාරම 9ක්, වව්නියාව 35ක්, ත්‍රිකුණාමලය 6ක්, නුවරඑළිය 45ක්, මහනුවර 101ක්, රත්නපුර 397ක්, පුත්තලම 29ක්, යාපනයේ 60ක්, කිලිනොච්චිය 8ක්, පොළොන්නරුව 8ක්, මොනරාගල 19ක් හා මඩකලපුව 67ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.
 

More News..