brand logo

කොරෝනා රෝගීන් ප්‍රවාහනය ගැටළුවක්

02 June 2021

කොවිඩ් රෝගීන් ප්‍රවාහනය සඳහා බස්රථ සොයා ගැනීම බරපතළ ගැටලුවක් වී තිබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා සඳහන් කරයි. පෞද්ගලික අංශය බස්රථ මොනම ආකාරයකටවත් ලබා නොදෙන බව සඳහන් කරන ඔහු බස්රථ ලබා ගැනීමට සිදු වී ඇත්තේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් පමණකැයිද ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් ප්‍රවාහනයේ දී ගැටලු මතු වුවහොත් සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වී ගැටලු විසඳා දෙන බවත් අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශයේ නිලධාරින් ඒ සඳහා සූදානමින් සිටින බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා සඳහන් කරයි. මේ අනුව රෝගී ප්‍රවාහන කටයුතුවලදී ප්‍රශ්නයක් මතු වුවහොත් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ගැටලු නිරාකරණය කර ගත හැකි බව වැඩි දුරටත් ප්‍රකශ කරයි.
 

More News..