brand logo

කොරෝනා රෝගියෙක් PCR වාර්තා එන්න කලින් රැකියාවට ගිහින්

09 December 2020

කොරෝනා ආසාදිතයන් කිහිපදෙනෙකු හමුවීම හේතුවෙන් කළුතර දකුණ පොලිස් වසමේ කුරේ මාර්ගයට සංචරණ සීමා පනවා ඇත. කුරේ පාරේ පදිංචිකරුවන් පිරිසක් දින කිහිපයකට පෙර පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර ඇති අතර එම වාර්තා අනුව කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු වූ පුද්ගලයෙකු රෝහල් ගත කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් එම පුද්ගලයාගේ නිවසට ගිය අවස්ථාවේදී එම පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ පුද්ගලික වෙළඳ ආයතනයක රැකියාව සඳහා ගොස් ඇති බව හෙළිවී ඇත. ඔහු මීට පෙර කළුතර ප්‍රදේශයේ මුස්ලිම් බාලිකා පාසලක කාර්යාල කාර්ය සහායකයෙකු ලෙස රැකියාව කර ඇත. මේ දිනවල පාසල් වසා දමා තිබීම නිසා නැවත පාසල් ආරම්භ කරන තෙක් කොළඹ පිහිටි පුද්ගලික ආයතනයක රැකියාවට ගොස් ඇත. දුරකතනයෙන් එම පුද්ගලයා සම්බන්ධකර ගැනීමේදී මොරවක බලා ධාවනය වන පෞද්ගලික බස් රථයකින් පැමිණෙමින් සිටින බව සැලවීමෙන් අනතුරුව කළුතර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සමග ගොස් බස් රථය නවත්වා එම ආසාධිත තැනැත්තා සෞඛ්‍ය අංශ භාරයට ගෙන තිබේ. බස් රථය සහ එහි ගමන් ගත් මගීන් විෂබීජාණුහරණය කළ අතර මගියා සමග මුදල් හුවමාරු කළ කොන්දොස්තරවරයාට නිරෝධායනය වීමට උපදෙස් ලබාදී බස් රථය පිටත්කර හැරීමට කටයුතු කර ඇත.
 

More News..