brand logo

කොරෝනා රෝගියෙක් නිස අම්බලන්ගොඩ රෝහලක් වසයි

15 October 2020

අම්බලන්ගොඩ නගරයේ පිහිටි පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දැමීමට අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද(15) පෙරවරුවේ කටයුතු කර තිබේ. මෙම රෝහලෙන් කොවිඩ්-19 යැයි සැක සහිත රෝගියෙකු ප්‍රතිකාර ප්‍රතිකාර ගැනීමට පැමිණ ඇති බවට ලද තොරතුරක් මත මෙම පියවර ගෙන ඇත. හික්කඩුව ආරච්චිකන්ද ප්‍රදේශයේ සිට කොවිඩ්-19 රෝග ලක්ෂණ සහිත ගැබිනි කාන්තාවක් මේ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ ඇත. ඇය පි.සි.ආර්. පරීක්ෂණ සඳහා හික්කඩුව ආරච්චිකන්ද රෝහලට යොමුකළ බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කර ඇත. අදාළ රෝගියාගේ කොරෝනා පරික්ෂාවේ ප්‍රතිඵල මත ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.
 

More News..