brand logo

කොරෝනා රෝගියෙක් නිසා දෙහිවල මාර්කට් එක වහලා

22 October 2020

දෙහිවල දුම්රියපොළ පාර පිහිටි පොදු වෙළඳ සංකීර්ණය අද (22) දහවල් වසා දැමීමට කටයුතු කර ඇත. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සිට ලොරියකින් දෙහිවල පොදු වෙළඳ සංකීර්ණයට මාළු ප්‍රවාහනය කළ පුද්ගලයකුට කොරෝනා වෛරසය ආසාධිත වීම හේතුවෙන් දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීහු හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මෙම පියවර ගෙන ඇත. පසුගියදා එම වෙළඳපොළ සේවකයින් පිරිසක් සමග මෙම පුද්ගලයාද පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමුකරනු ලැබ තිබූ අතර එහිදී ඔහුට කෝවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව හෙළි වී තිබේ. එම ආසාදිත පුද්ගලයා මාළු රැගෙන පැමිණි අවස්ථාවලදී එම වෙළෙඳ සැල්වල ගැවසීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. දෙහිවල පොදු වෙළඳපොළ සංකීර්ණයේ වෙළඳසැල් සියල්ල වසා දැමීමට කටයුතු කර ඇති අතර එම වෙළෙඳ සංකීර්ණයේ සියලුම වෙළඳ වෙළඳ සැල් හිමියන් සහ සේවකයන් ස්වයං නිරෝධාන ලක්කර පි සි ආර් පරීක්ෂණයට භාජනය කිරීම පියවර ගන්නා බව ද සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩිදුරටත් පැවසීය
 

More News..