brand logo

කොරෝනා රොගීන් ගෙනියන්න ගිය පී.එච්.අයි.ලාට ගම්මුන්ගෙන් ගුටි

17 November 2020

වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත ප්‍රදේශයේ සාතම්මාවත්තේ සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 8 දෙනෙකු පෙරේදා (15දා) සවස් වන විට වාර්තා වී ඇත. ඒ අනුව කොළොන්නාව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඔවුන් රෝහල්ගත කිරීම සඳහා රැගෙන යාමට සැරසෙද්දි ප්‍රදේශවාසීන් විසින් ඔවුන්ට පහරදී තිබිණි. ඊයේ (16 වැනිදා) උදේ වන විට ලැබී තිබූ පී.සී.ආර්. ප්‍රතිඵල අනුව තවත් ආසාදිතයන් 10 දෙනෙකු එම වත්තේම සිටින බවට තහවුරු වී ඇත. ඊයේ (16 වැනිදා) උදේ එම 18 දෙනා ඉවත් කරගැනීමට යාමේදීද පෙර ලෙසම ප්‍රදේශවාසීන් කලහකාරී ලෙස හැසිරෙමින් සෞඛ්‍ය අංශ නිලධාරීන්ට වත්තට ඇතුළු වීමට ඉඩ නොදුන්හ. මේ අවස්ථාවේ කොළොන්නාව නගර සභාවේ සභාපති ගුත්තිල සිල්වා විසින් වහාම පොලිසිය සහ බුද්ධි අංශ නිලධාරීන් කැඳවීමට පියවර ගත්තේය. සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් ආරක්ෂක අංශවලද සහාය ඇතිව මහත් පරිශ්‍රමයක් දරා ඊයේ සවස් වන විට ආසාදිතයන් 18 දෙනා ඉවත් කරගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබිණි. සිරිසේන ගමගේ - කොළොන්නාව
 

More News..