brand logo

කොරෝනා රැල්ලට ශක්තිමත්ව මුහුණ දෙන්න ජනපති ජනතාවට ඇරයුම් කරයි

08 October 2020

රට තුළ මේ වන විට පවතින කොවිඩ් වසංගත තත්ත්වය පිළිබදව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ සටහනක් තබා තිබේ. එමගින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සියලු ශ්‍රී ලාංකිකයින් ශක්තිමත් බව පෙන්වමින් මෙම තත්ත්වය මර්දනය කළ යුතු බවයි. ජනාධිපතිවරයා විසින් තැබූ සටහන් පහතින්..... COVID-19 උවදුර මුළු ලෝකයම වෙලාගත් මොහොතක, ශ්‍රී ලාංකික ජාතියේ ශක්තිමත් බව විදහාලමින් අපි එය මර්දනය කළෙමු. අද වනවිට COVID-19 නැවත අප රට තුල හිස ඔසවා ඇත. පෙර සේම අපගේ සෞඛ්‍ය, ආරක්ෂක සහ අනෙකුත් සේවා අංශ මෙම උවදුරෙන් අප බේරාගැනීම සඳහා සියලු කටයුතු සිඳුකරනු ලබයි. මේ අභියෝගාත්මක අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති උපදෙස් පිළිපදින ලෙසත් ඇතැම් පාර්ශවයන් විසින් බෙදාහරිනු ලබන අසත්‍ය ප්‍රචාර වලට නොරැවටී පිළිගත හැකි රාජ්‍ය තොරතුරු සේවාවලින් අවශ්‍ය තොරතුරු ලබාගන්නා ලෙසත් ඉල්ලමි.
 

More News..